එමිරේටයට හිම කැට



එමිරේට්ස් රාජ්‍යය තුල පැවති අධික උෂ්ණත්වය පහව යමින්වර්ෂාවත් සමඟ හිම කැට පතිත වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

බටහිර අල්-කේදර්, අල්-අයින් ඩුබායි අධිවේගී මාර්ගය, නෙස්වි නගරයේ නැගෙනහිර ප්‍රදේශය සහ අල්-ෆයා යන ප්‍රදේශයන්ට සහ නගරයන්ටහිම කැට පතිත වී ඇති බව වාර්තා වේ.

විසිරුණු වළාකුළු රට අභ්‍යන්තරයේ දැකිය හැකි බවත් සුළඟ සමඟ වැලි හමා යෑමේ හැකියාව පවතින බවත් උෂ්ණ කාලගුණ තත්ත්වය දිගටම පවතින බව එමිරේට්ස් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය.

ප්‍රදේශ ගණනාවකට ධාරානිපාත වර්ෂාව පතනයක් සහ වැලි කුණාටු තත්ත්වයන්ද අපේක්ෂා කළ හැකි බව එමිරේට්ස් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS