එමිරේටයට වැලි කුණාටු



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට වැලි කුණාටු, තද වැසි සහ සුළංවලින් බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

අධික වර්ෂාපතනය හේතුවෙන් සාජා හි නැගෙනහිර හා මධ්‍යම කලාපවල සමහර නිම්න ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන අතර, වැලිකුණාටු හේතුවෙන් මාර්ග වැලිවලින් වැසී ගොස් ඇත.

ආරක්ෂාකාරිව රිය ධාවනය කරන ලෙසත්, හැකිතාක් අයහපත් කාලගුණය පවතින අවස්ථාවන්වලදි මෝටර් රථ ධාවනය කිරීමෙන් වළකින ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා තිබේ.

ෆුජයිරා හි නැගෙනහිර ප්‍රදේශවලට තද වැසි සහ සුළං පැවති බවත්, සුළගේ වේගය  පැයට සැතපුම් 20 සිට 40 දක්වා පැවති බව කාලගුණ දෙපාර්තුමේන්තුව පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(කලීජ්ටයිම්ස්, සාජා නුවර)

RECOMMEND POSTS