එමිරේටයට පහර දෙන්න හදයි



ඉරාකයේ ඉරානයට පක්ෂ පාති කණ්ඩායම් එමිරේටයට මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර  ඇති බව වාර්තා වේ.

ඉරාක පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය මැදිහත් වූ බවට ඉරානයට පක්ෂ පාති කණ්ඩායම් චෝදනා කරන බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

අසල්වැසි රටවලට සහ කලාපයට එරෙහිව ආක්‍රමණය සිදු කිරීම සඳහා ඉරාකය භාවිතා කිරීමට ඉඩ නොදෙන බව තර්ජනයන්ට ප්‍රතිචාර දක්වමින් ඉරාක ඒකාබද්ධ මෙහෙයුම් විධානය කියා සිටියේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS