එමිරේටයට නව තානාපතිවරයෙක්



ඉන්දියාව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට නව තානාපතිවරයෙක් පත් කර ඇති බව වාර්තා වේ.

නවදීප් සිං පූරි, 2016 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා තානාපතිවරයා ලෙස සේවය කළ බවත්, එමිරේට්ස් නව තානාපතිවරයා ලෙස පවන් කපූර් පත් කළ බව ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

සිය රාජ්‍යතාන්ත්‍රික ජීවිතය තුළ අත්දැකීම් රාශියක් පවන් කපූර් ලබාගෙන ඇති බවත්, මොස්කව්, කියෙව්, ලන්ඩන් සහ ජිනීවා නගරවල සේවය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ නවදිල්ලියේ අගමැති කාර්යාලයේ ද ඔහු සේවය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS