එමිරේටයට දින හතරක නිවාඩුවක්



එක්සත් අරාබි එමිරේට් රජය Eid Al-Adha උත්සවය වෙනුවෙන් දින 4ක නිවාඩුවක් ලබා දීමට තීරණය කර ඇති අතර එම උත්සවය සැප්තැම්බර් 01 දින සැමරීමට කටයුතු සංවිධානය කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

අදාල නිවාඩුව අගෝස්තු 31දින සිට සැප්තැම්බර් 03 දින දක්වා ලබා දීමට එමිරේට්ස් රජය තීරණය කර ඇති බව රාජ්‍ය මානව සම්පත් සඳහා වන පෙඩරල් අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

සැප්තැම්බර් 04 දින නැවත රාජකාරි ආරම්භ කිරීමට නියමිතව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS