එමිරේටයට උඩින් පියාසර කරන්නේ නෑ



ගල්ෆ් කලාපය තුල ඇතිවී තිබෙන ප්‍රශ්නකාරි තත්ත්වය හේතුවෙන් කටාර් රාජ්‍යයට පියාසර කරන ඉන්දීය ගුවන් යානා එමීරේට්ස් රාජ්‍යයට අයත් ගුවන් සීමාව භාවිතා නොකරන බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරය ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් අමතර විනාඩි 90ක කාලයක් පියාසර කිරීමට ඉන්දීය ගුවන් යානාවලට සිදුවී ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කළේය. 

එමිරේට්ස් රාජ්‍යය මඟහැර යෑමට ඉරානය හරහා වැටී ඇති විකල්ප උතුරු ගුමන් මාර්ගය ඔස්සේ සියළුම ඉන්දීය ගුවන් යානා පියාසර කිරීමට සැළසුම් කර ඇති අතර එම මාර්ගය භාවිතා කිරීම හේතුවෙන් අමතර විනාඩි 10 සිට 50ක කාලයක් වැය කිරීමට සිදුවන නිසා ගුවන් යානා කාර්‍ය මණ්ඩලය වැඩි කිරීමට අදහස් කර ඇති බව ඉන්දීය ගුවන් සමාගමේ නිලධාරියකු ඇරේබියන් බිස්නස් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS