එමිරේටය සමඟ අත්වැල් බැඳගන්නවා



රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අයහපත් වුවත්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයට එරෙහි සටනේදී, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සමඟ අත්වැල් බැඳ ගැනීමට සූදානම් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය පවසා ඇත.

ඊශ්‍රායල අගමැතිවරයා මේ බව කියා සිටියේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා නියමුවන්ගේ උපාධි ප්‍රධානෝත්සවයකට එක් වෙමිනි.

යුදෙව් ඊශ්‍රායලය සහ මුස්ලිම් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතරේ ඇයිහොඳයිකම් පළුදු වී ඇත්තේ පලස්තීනය මුල්කොට ගනිමිනි.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පලස්තීනුවන් වෙනුවෙන් ටොන් ගණනක වෛද්‍ය ආධාර තොගයක් ඊශ්‍රායලය හරහා ගාසා තීරයට යැවීමට පසුගිය දා කටයුතු කළේය. කෙසේ නමුත් ඊශ්‍රායල හරහා ලැබෙන එම ආධාර ප්‍රතික්ෂේප කිරීමට පලස්තීනුවෝ පියවර ගත්හ.

ටෙල් අවීව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS