එමිරේටය මිලියන 300 ක් දෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඇමරිකානු ඩොලර් මිලියන තුන්සීයක් ජෝර්දානයට ප්‍රදානය කර ඇති බව වාර්තා වේ.

අබුඩාබි සංවර්ධන අරමුදල අදාල මුදල් ප්‍රමාණය සංවර්ධන අධාර මුදලක් ලෙස ජෝර්දානයට ලබාදීමට කටයුතු කර ඇත. 

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ජෝර්දානය අතර ශක්තිමත් සබඳතාවයන් වර්ධනය කර ගැනීමට සහ රටවල් දෙක අතර පවතින සහෝදරත්වය, අන්‍යෝන්‍ය සහයෝගය සහ ගෞරවය වැඩිදියුණු කරගැනීමේ අරමුණින් අදාල මුදල් ප්‍රමාණය ලබාදීමට කටයුතු කළ බව අබුඩාබි සංවර්ධන අරමුදල පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS