එමිරේටය බලපත්‍ර යළි අලුත් කරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කල් ඉකුත් වු රැකියා සහ නේවාසික බලපත්‍ර යළි අලුත් කරන බව වාර්තා වේ.

කොරෝනා වෛරසය (කොවිඩ්-19) පැතිරීම හේතුවෙන් රැකියා සහ නේවාසික බලපත්‍ර අලුත් කිරීම අන්තර්ජාලය හරහා සිදු කිරීමට සැළසුම් කර ඇති බව කම්කරු සහ එමිරේට්ස්කරන අමාත්‍යාංශය පවසනවා.

කල් ඉකුත් වු බලපත්‍ර අලුත් කිරීම සඳහා අය කරනු ලබන මුදල් බලයලත් මුදල් අයකරගන්නා ආයතන හරහා ගෙවිය හැකි බව අනන්‍යතාවය සහ පුරවැසිභාවය පිළිබඳ ෆෙඩරල් අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS