එමිරේටය කටාර් ගුවන් සමාගමට යන්න කියයි



එම්රේට්ස් රාජ්‍යයේ පිහිටි ඇති කටාර් ගුවන් සමාගමට අයත් කාර්යාලය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙසට එමිරේට්ස් සිවිල් ගුවන්සේවා අධිකාරිය නියෝග කර ඇති බව වාර්තා වේ.

සෞදි අරාබිය සහ බහරේන රාජ්‍යයන් කටාර් ගුවන් සමාගමේ බලපත්‍රය අවලංගු කල අතරඑම ගුවන් සමාගමට අයත් කාර්යාලය වසා දැමීම සඳහා පැය 48ක කාලයක් ලබා දී මෙන් පසු එමිරේට්ස් රාජ්‍යයද කටාර් ගුවන් සමාගමට අයත් කාර්යාලය වසා දැමීමට නියෝග නිකුත් කර ඇත.

“වහාම ක්‍රියාත්මක වන පරිදි කටාර් ගුවන් සමාගමට අයත් සියළුම කාර්යාල වසා දමන ලෙස අපි නියෝග නිකුත් කරලයි තියෙන්නේ.’’එමිරේට්ස් සිවිල් ගුවන්සේවා අධිකාරිය ප්‍රකාශ කළේය.

කටාර් ගුවන් සමාගමේ බලපත්‍රය එමීර් රාජ්‍යය අවලංගු කිරීමට කටයුතු කරනවාද නැද්ද යන්න එමිරේට්ස් සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කර තිබුනේ නැත.

කටාර් ගුවන් සමාගමද සෞදි අරාබිය, බහරේන,ඊජිප්තු සහ එමිරේට්ස් රාජ්‍යයන් සිටි තම රටට පියාසර කරන සහ කටාර් රාජ්‍යයේ සිට එම රටවලට ගමන් කරන සියළුම නතර කිරීමට පියවර ගත්තේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS