එමිරේටය ඉරානයට ආධාර යවයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය මෙක්ට්‍රික් ටොන් 16ක වෛද්‍යාධාර තොගයක් ඉරානයට යැවීමට කටයුතු කර ඇත.

කොරෝනා වසංගතය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ඉරානය දරන උත්සාහය ශක්තිමත් කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය හදිසි වෛද්‍යාධාර තොගය යැවීමට කටයුතු කර ඇත.

වෛද්‍යාධාර තොගය වෛද්‍ය වෘත්තිකයින් 16,000 කට පමණ ප්‍රමාණවත් වන බව එමිරේටය පවසනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මාර්තු මාසයේ සිට වෛද්‍යාධාර ඉරානයට යැවීමට කටයුතු කර ඇති අතර, ආධාර යවන  සිව්වන අවස්ථාව මෙය වේ.

(ඩි.ජි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS