එන්නත ලබා දීමට ලියාපදිංචි කිරීම අද සිට



සෞදි අරාබියේ වෙසෙන දෙස් විදෙස් සියලුම පුරවැසියන් හට කොවිඩ් එන්නත ලබා දීම සදහා ලියාපදිංචි කිරීම අද සිට ආඩම්භ කරන බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව සෞදි මාධ්‍ය සදහන් කරයි.

සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කල නිවේදනය අනුව එන්නත සම්පුර්ණයෙන්ම නොමිලේ ලබාදෙන අතර එන්නත ලබාගැනීම සදහා ජංගම අයදුම් පත (my health)සේහාති ලෙසත් එම අයදුම් පත http;//onelink.to/yjc3nj මගින් ලබාගෙන සම්පුර්ණ කර යැවිය යුතු බවද සදහන් කරයි.

මෙම එන්නත සෞදි අරාබියේ වෙසෙන දේශීය සහ විදෙශික පුරවැසියන් සදහා කිසිදු මුදලක් අයකිරීමකින් තොරව ලබාදීමට ක්‍රියාත්මක කිරීම සෞදි බලධාරීන් බලාපොරොත්තු වන බවද මාධ්‍ය අනාවරණය කරයි.

මේ අතර මෙම එන්නත සමග කරන ලද සායනික ප්‍රතිපල අනුව සාර්ථක ප්‍රතිපල සහ ඉහල ප්‍රතිශක්තිකරණයක් මෙන්ම ප්‍රතිදෙහයක් ලබාගත් බවද සදහන් වන අතර මෙම එන්නත අදියර තුනකින් සමන්විත වූ  බවද පළමු අදියර යටතේ කණ්ඩායම් ලෙස දේශීය සහ විදෙශිකයින් ගෙන් සමන්විත වයස 65 ඉක්මවූ පුත්ගලයින් අතරින් අවධානමට ලක්විය හැකි,තරබාරු, පුත්ගලයන්ගේ දර්ශකය(MBI) 40  පමණ අගයක් ගත් බවද සදහන්ය.ප්‍රතිශක්ති උනතාවය,වැනි අවයව බද්ධ කිරීමට ලක්වූ,කිරීටක රෝග,ප්‍රතිශක්ති ඔෂද ලබාගත් ඇදුම,කිරීටක ධමනි,හර්ද රෝග දියවැඩියා රෝග, නිදන්ගත රෝග,ආදී රූග වලට භාජනය වූ අය මෙම සායනය සදහා යොදා ගත් බව සදහන් කරයි.

දෙවන අධියර යටතේ විශාල පිරිසකගෙන් යුත් කණ්ඩායමක් සායනය සදහා යුදා ගත් අතර වයස 50  න් ඉහල මෙම පිරිසට වෘතියවේදීන්,නිදන්ගත ඇදුම රෝගීන්,දියවැඩියා රෝගීන්,වකුගඩු රෝගීන්,හෘද රෝගීන්,කිරීටක ධමනි,පෙනහළු ආබාධ,නිදන්ගත බාධා,සහ සක්‍රිය පිළිකා රෝගීන්ද සහභාගී කරගත් අතර ඒ අයගේ දර්ශකය (BMI) 30 සිට 40 දක්වා වූ අතර තෙවැනි අධියර සදහා සෞදි අරාබියේ වෙසෙන සියලුම පුරවැසියන් සදහා මෙන එන්නත ලබාදීම බලාපොරොත්තු වන අතර  සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ තම උත්සාහය අප භූමියෙන් මෙම වසංගතය පැතිරීම සම්පුර්ණයෙන් තුරන් කරමින් සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම බවය.

පසුගිය සෞදි බලධාරීන් සදහන් කල පරිදි ලෝකයේ ප්‍රථමයෙන් කොවිඩ් එන්නත ලබා ගත් පළමු රට වශයෙන් සෞදි අරාබිය ඉතිහාස ගතවන  අතරම ඒ සදහා තම රට එන්නත නිපදවන ආයතන සමග සෘජු සම්බන්දතාවය ගොඩ නැගීම තුලින් සහ ඉතා කාර්යක්ෂම සහ ක්‍රියාශීලිව ආරක්ෂිතව මෙම එන්නත ලබා ගැනීමට හැකිවූ බවද සදහන් කරයි.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට.

RECOMMEND POSTS