එච්.අයි.වි පරීක්ෂාව අනිවාර්යයි



සෞදි අරාබියේ ජීවත්වන විදේශ ශ්‍රමිකයින් ඔවුන්ගේ නිවාස බලපත්‍ර අලුත් කිරිමට පෙරඑච්.අයි.වි පරීක්ෂාව සිදුකිරීම සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය අනිවාර්ය කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සුඩානය, ඉතියෝපියාව, එරිත්‍රියාව, කෙන්යාව, සෝමාලියාව, ජිබුටි, තායිලන්තය, නයිජීරියාව, නේපාලය හා වියට්නාමය යන රටවලින් සෞදි අරාබියටසේවය සඳහා පැමිණ සිටිනවිදේශි ශ්‍රමිකයින්ටදඑච්.අයි.වි පරීක්ෂාව සිදුකිරීමඅමාත්‍යාංශය අනිවාර්යකර ඇත.

ගෘහසේවක/සේවිකාවන්, රියදුරන්,සෞඛ්‍යසේවකයින්, සමාජසත්කාරපහසුකම් සපයන්නන්, පුනරුත්ථාපනමධ්‍යස්ථාන වල සේවයේ නිරත පුද්ගලයින්සහ කරණවැමියන් (බාබර්) යන සේවා කාණ්ඩ හයට අයත් වන පුද්ගලයින්ට හෙපටයිටිස් එන්නත එන්නත් කර තිබීමද අනිවාර්යය කර ඇතිබව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS