එකිනෙකාට චෝදනා



එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී, යේමන රජයේ සහ රජයට විරෝධය දක්වන ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගේ එකඟත්වය මත ඇතිකරගත් සටන් විරාමය දිනෙන් දින උල්ලංඝනය වන බව පැවැසෙයි.

සටන් විරාමය උල්ලංඝනය සම්බන්ධයෙන් හවුති සටන්කාමීන් සහ යේමන රජය එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටින බව ද වාර්තා වේ. යේමනයේ මේ වනවිට ගැටුම් පවතින බව පැවැසෙන්නේ හොදයිදා නමැති වරාය නගරය කේන්ද්‍රකොට ගනිමිනි.

ගතවුණු පැය 24 පුරාවට හොදයිදා නුවර යේමන රජයේ හමුදා සහ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් අතරේ දරුණු අවි ගැටුම් පැවැතුණු බව ද පැවැසෙයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS