එක්සත් අරාබියේ ආහාර වර්ග 9ක් තහනම්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පාසල් තුල ආහාර වර්ග නවයක් (09) විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස එමිරේට්ස් අධ්‍යාපන අමාත්‍යාංශය නියෝග කර ඇත.

හොට් ඩෝග්, සැකසූ මස් ආශ්‍රිත නිෂ්පාදන, චොකලට්, රසකැවිලි, ක්ෂණික නූඩ්ලස්, ලොලාපොප්, ජෙලි වර්ග සහ අනිකුත් ආහාර ඇතුලත් වේ.

අධික තෙල් සහ සීනි හේතුවෙන් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ලෝක සෞඛ්‍ය ප්‍රමිතීන් සැළකිල්ලට ගෙන අදාල තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි)


RECOMMEND POSTS