එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අයහපත් කාලගුණය තවදුරටත් !



එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඩුබායි ,අබුඩාබි  ඇතුළු ප්‍රධාන නගර රැසක උදය කාලයේ දැඩි මීදුම් සහිත සීත කාලගුණයක් මේ දිනවල පවතින හෙයින් එම නගරවල වාහන රියැදුරන් ඒ පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වන්නැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

මෙලෙස ඊයේ  සිට දැඩි මීදුම් සහිත කාලගුණයක් බලපා ඇත්තේ ඩුබායි ,අබුඩාබි ,සාජා නගර ආශ්‍රිත වන අතර එම නගර වල උෂ්ණත්වය අඩුවී ඇතැයිද පැවසේ.

මෙම කාලගුණය ඉදිරි සතිය පුරාම පවතින හෙයින් එම නගර ආශ්‍රිතව  රිය අනතුරැ සිදුවීමේ වැඩි ඉඩක් පැවතිය හැකි බැවින් වාහන රියදුරන් ඒ ගැන සැලකිල්ලෙන් සිටින්නැයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

පසුගිය දිනයේදී රිය අනතුරු දෙකක් ඩුබායි එමිරේට්ස් මාර්ගයේදීත් , ඩුබායි සිට අබුඩාබි දේශාසීමා මාර්ගයේත් වාර්තා විණි.

 

(තිළිණි ද සිල්වා )
කාලීජ් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS