එක්සත් අරාබි එමීරය මානව හිමිකම් කඩනවැයි චෝදනා



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව හිමිකම් කඩවීම් ඉතා දරුණු අන්දමින් සිදුවෙනවා යැයි පෙන්වා දෙමින්, ස්විට්සර්ලන්ත රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තාවක් යවා ඇතැයි ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය කියයි.

ඒ සම්බන්ධයෙන්, ස්විට්සර්ලන්ත තානාපති කැඳවා ප්‍රශ්න කිරීමට ද එක්සත් අරාබි එමීර් රාජ්‍ය අල් කලීෆා රෙජීමය කටයුතු කළේ යැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව හිමිකම් කඩවීම් ඉතා දරුණු අන්දමින් සිදුවන බවත්, කලීෆා රෙජීමය ඊට සෘජුවම වගකිව යුතු බවත් පෙන්වා දෙමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට එම වාර්තාව ඉදිරිපත් කර ඇත්ටෙත් එක්සත් ජාතීන්ගේ ස්විට්සර්ලන්ත තානාපති වැලෙන්ටින් සෙල්වෙගර්ය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS