එක්සත් අරාබි එමීරය අභ්‍යවකාශ වැඩසටහනක් අරඹයි



එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයේ ජාතික අභ්‍යවකාශ වැඩසටහන එමීරේට්ස්  උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලකයා ෂයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටුම්සහ අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ එමීරේට්ස්නියෝජ්‍ය හමුදාපති ෂයික් මොහොමඩ් සයෙඩ් අල් නහියන්අතින් විවෘත කල අතර උපාය මාර්ගික වශයෙන් වැදගත් වන වැඩසටහන සදහා අනුමැතිය ලබාදෙන ලදී.

ඔවුන්දෙදෙනාමොහොමඩ් බින්රෂීඩ්අභ්‍යවකාශමධ්‍යස්ථානය (MBRSC) සංචාරය කර  චන්ද්‍රිකානිෂ්පාදන සංකීර්ණයවිවෘතකිරීම සදහා සහභාගි වූහ.

එමිරේට්ස් තරුණ විද්‍යාඥයන් විසින් චන්ද්‍රිකානිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර 2021දී අඟහරු ග්‍රහයා වෙත අභ්‍යාවකාශ යානාවක් ගොඩබැස්ස වීම සහ 2117දී එහි මිනිස් වාසස්ථාන ඉදිකිරීම සදහා ක්‍රියාත්මක කරන අභ්‍යාවකාශ වැඩසටහනේ පළමු පියවර වශයෙන් මෙය සැලකේ.

එමිරේට්ස් රාජ්‍ය අඟහරු ග්‍රහයා වෙත යවනු ලබන අභ්‍යාවකාශ යානය 2020 ජුලි මාසයේදී යැවීමට බලාපොරොත්තු වන අතර  මාස හතක පමණ කාලයක් ගත කිරීමට සිදුවන බව එම්රේට්ස් විද්‍යාඥයින් පවසන ලදී.  

අභ්‍යාවකාශ වැඩසටහනට සමගාමීව ගඟනගගාමීන් පුහුණු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරනු ලබයි.

“අපේ ජාතික අභ්‍යාවකාශ වැඩසටහන මගින් අභ්‍යාවකාශ විද්‍යාව සදහා ශක්තිමත් වේදිකාවක් නිර්මාණය කර තිබෙන අතර එතුලින් අනාගත පරපුරට දැනුමෙන් සන්නද්ධ කිරීම අපේ අරමුණයි. අපි අපේ පළමු ගඟනගාමියාව ඉදිරි වර්ෂ කීපය ඇතුලතදී අභ්‍යාවකාශයට යැවීමට සැළසුම් කර තිබෙනවා. එය අපි අදින් ආරම්භ කරනවා.’’මොහොමඩ් බින්රෂීඩ්ප්‍රකාශ කළේය.

 


RECOMMEND POSTS