එකට එක කරලා



ලෙබනනයේ නව සෞදි තානාපති වලිඞ් අල් යකෝබ්ට අක්තපත්‍ර බාරදීම ලෙබනන රජය විසින් හිතාමතා ප්‍රමාද කළ බවත්, අක්තපත්‍ර බාර ගැනීමට නව තානාපතිවරයා පැමිණි අවස්ථාවේදී ඔහු රස්තියාදු කළ බවත් ලෙබනනයෙන් වාර්තා වේ.

ලෙබනන් රජය මෙසේ ක්‍රියා කර ඇත්තේ එකට එක කිරීමකට යැයි ද පැවැසෙයි. ලෙබනන් අගමැති සාද් හරීරි මීට මාස කිහිපයකට පෙර ඉල්ලා අස්වන බව නිවේදනය කළේය. ඒ සෞදියේ සංචාරයකදීය.

ලෙබනනය කියා සිටියේ හරීරිට එසේ තීරණයක් ගැනීමට සෞදියෙන් බලපෑම් එල්ලවුණු බවය. අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා යැයි නිවේදනය කිරීමෙන් පසු සාද් හරීරි සෞදියේ රැඳී සිටියේය.

එම අවස්ථාවේදී ලෙබනනය චෝදනා කළේ හරීරි සෞදියේ සිරකරුවකු වී ඇති බවය. ජාත්‍යන්තරයේ මැදිහත්වීමක් සිදුවීමෙන් පසු හරීරි යළි ලෙබනනයට පැමිණියේය. ඉන්පසු අගමැති ධුරයෙන් ඉවත්වීමේ තීරණය ද වෙනස් කළේය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS