එකඟතාව වෙනස් කරන්නේ නැහැ



ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුම වෙනස් නොකරන බව මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය කියයි.

එම ගිවිසුම සංශෝධනය කළ යුතුයි යන්න ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අදහස වී ඇත. ට්‍රම්ප් සූදානමින් සිටින්නේ ගිවිසුමෙන් ඉවත්වීමටය.

ඉරානයේ න්‍යෂ්ටික කටයුතු පාලනය කිරීමට නම් මෙම එකඟතාව අවශ්‍ය බව බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් පෙන්වා දී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS