එ.ජා ලේකම් ඊශ්‍රායල - පලස්තීන අර්බුදය ගැන කතා කරයි



පලස්තීනය වෙනම රාජ්‍යයක් සේ සළකා ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් ලබා දීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු නොකළත්, එම අදහසට දිගටම සහාය පළ කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් එහි මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසයි.

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ ඊශ්‍රායලයට වැඩියෙන් සහාය පළ කරන බව ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීමෙන් පසුවය. ට්‍රම්ප් එසේ කියා සිටියේ, ධවල මන්දිරයට පැමිණි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු හමුවුණු අවස්ථාවේදීය.

 

(ප්‍රෙස් ටීවී)
 


RECOMMEND POSTS