එ.ජා. වාර්තාවේ අලුත් දෙයක් නෑ



මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ ඝාතනය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරිය ඇතුළු පරීක්ෂණ කණ්ඩායම සකස් කළ වාර්තාව හෙලා දකිමින්, සෞදි විදේශ ඇමැති අබ්දෙල් අල් ජුබීර් පවසා ඇත්තේ, එම වාර්තාවේ කිසිදු අලුත් තොරතුරක් නොමැති බවය.

සෞදි විදේශ ඇමැතිවරයා මේ බව පවසා ඇත්තේ සිය ට්විටර් ගිණුම ඔස්සේය. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ඇග්නෙස් කැලමාර්ද් සහ පරීක්ෂණ කණ්ඩායම පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇති සියල්ල අප හොඳින් දන්නවා. අලුත් දෙයක් ඇත්තේ නැහැ. ඇය සෞදි කුමරුන්ටත් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකුටත් චෝදනා කරනවා. එම චෝදනා අප ප්‍රතික්ෂේප කරනවා.’ යැයි සෞදි විදේශ ඇමැතිවරයා වැඩි දුරටත් පවසා ඇත.

රියාද්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS