උසම කඳු මුදුනට නැගලා



මැක්සිකෝවේ පිහිටා ඇති උසම කන්ද වන පිකෝ ඩි ඔරිසාබාකඳු මුඳුනට කුවේට් ජාතිකයෙක් ප්‍රථම වරට නැග ඇති බව වාර්තා වේ.

මුහුදු මට්ටමේ සිට මීටර් 5,636කින් කඳු මුඳුන පිහිටා ඇති අතර කඳු මුඳුන තරණය කළ පළමු කුවේට් ජාතිකයා ලෙස යූෂුෆ් අල්-රිෆයි ඉතිහාසයට එක් වෙයි. 

යූෂුෆ් අල්-රිෆයි 2015 වර්ෂයේදි කඳු තරණය කිරීම ආරම්භ කර ඇති අතර පසුගිය අගෝස්තු (2018) මාසයේදි  පැපුවා නිව්ගිනියාවේ මීටර් 4,367කින් යුත් කඳු මුඳුනකට නැග ඇත.

ලෝකයේ ඇති ඉහළම කඳු මුඳුන්වලට නැගීමට තමන් දැඩි ආශාවකින් සිටින බව කඳු මුඳුන තරණය කිරීමෙන් පසු ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS