උෂ්ණත්වය සෙල්සියස් අංශක 03කින් ඉහළට



එමිරේට්ස් රාජ්‍යයේ සාමාන්‍යයෙන් පවතින උෂ්ණත්වය මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදි සෙල්සියස් අංශක 03කින් පමණ ඉහල යන බව එරට කාලගුණ විද්‍යා සහ භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. 

ජුනි 21දින සිට උෂ්ණ කාලගුණය ආරම්භ වන අතර රටේ බොහෝ ප්‍රදේශ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් හෝ තුනකින් ඉහළ යන අතර සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 33-35 වන බවත්, උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40-42 වන බවත්, අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 27-29 වන බව කාලගුණ විද්‍යා සහ භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. 

ආර්ද්‍රතාවය මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේ මැද භාගය වන විට පහළ යන අතර මීදුම ඇතිවීමේ ප්‍රවනතාවය ඒ අනුව පහළ යන අතර එවැනි මීදුම් සහිත තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවනතාවයක් ජුනි මාසයේ මුල් භාගයේ තිබිය හැකි බව කාලගුණ විද්‍යා සහ භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  

 

 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS