උෂ්ණත්වය වැඩිනම් ඇතුල්වීම තහනම්



ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5 ට වඩා වැඩි පුද්ගලයන්ට වෙළඳසැල්වලට ඇතුළුවීම ඕමානය තහනම් කරයි.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් අදාල තීරණය ගත් බව මස්කට් මහ නගර සභාව පවසයි.

වෙළඳ සැල් සහ සාප්පු සංකීර්ණ තුල ඇති සියලුම භාණ්ඩ භාවිතා කිරීමට පෙර සහ පසු සනීපාරක්ෂක ක්‍රම අනුගමනයකිරීම,වෙළඳ සංකීර්ණය තුළ ප්‍රමාණවත් වාතාශ්‍රයක් සහතික කිරීම,මිනිසුන් අතර සමාජ දුරස්ථභාවය ප්‍රවර්ධනය කිරීම සහ සේවකයින්ට අවශ්‍ය පුද්ගලික ආරක්ෂිත උපකරණ සැපයීම යන කරුණු කළ යුතු බව මස්කට් මහ නගර සභාව ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS