උෂ්ණත්වය වැඩි නම් නිවාඩු



කුවේට් පාර්ලිමේනතු මන්ත්‍රී,වාලිඩ් අල්-ටැබටබායිපරිසර උෂ්ණත්වය 50°Cක්ව පවතීනම් රාජ්‍ය සේවකයින්ට, විශ්ව විද්‍යාල මෙන්ම පාසල් සිසුන්ටද නිවාඩු ලබාදීම සඳහාකෙටුම්පතක් කුවේට් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

උෂ්ණත්වය අධිකව පවතින දිනයන් වලදී නිවාඩු ලබාගැනීම සඳහාස්වයංක්‍රීය කෙටිපණිවිඩයක් ආයතන ප්‍රධානියා වෙත යෑවීම ප්‍රමාණවත් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

රජයේ දෙපාර්තුමේන්තු, පෞද්ගලික ආයතනයන්, පාසල්, විශ්ව විද්‍යාලයන් සහ අනිකුත් ආයතනයන්අධික උෂ්ණත්වයක් පවතින අවස්ථාවන් වලදී නිවාඩු ලබාදීය යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජනතාවගේ ආරක්ෂිව සුරක්ෂිත කිරීම සඳහා ඇති ජාත්‍යන්තර කෙටුම්පත් වලට අනුව අදාල කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල බව මන්ත්‍රී, වාලිඩ් අල්-ටැබටබායිවැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS