උෂ්ණත්වය 43°C දක්වා ඉහළට



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ප්‍රදේශ කීපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

නැගෙනහිර කඳුකර ප්‍රදේශවලට සුළු වශයෙන් වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

වැලි කුණාටු තත්ත්වයන් වරින් වර ඇතිවීමට හැකියාවක් පවතින නිසා මෝටර් රථ ධාවනයේදි වඩාත් ආරක්ෂාකාරී වන ලෙස ඉල්ලීමක් කර ඇත.

අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක් ලෙස වාර්තා වු බව කාලගුණ විද්‍ය දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර) 

RECOMMEND POSTS