උයිගුර් කඳවුරු වහා ඉවත් කරන්න



චීනයේ මුස්ලිම් සුළු ජාතිකයන් වන උයිගුර් මුස්ලිම්වරුන් රඳවා තැබෙන කඳවුරු වහා ඉවත් කරන්නැයි තුර්කිය චීනයට දන්වා ඇත.

‘චීනය එරට බටහිර පළාත්වල වෙසෙන උයිගුර් මුස්ලිම් සුළු ජාතිකයන්ට සලකන විදිය ලෝකයට රහසක් නොවෙයි. මිලියන ගණනක් උයිගුර් වැසියන් රඳවා තැබෙන කඳවුරු තිබෙනවා. ඒවා මනුෂ්‍යත්වයට නිග්‍රහයක්. ඒවා වහා ඉවත් කරමින් උයිගුර්වරුන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕනෑ’ යැයි තුර්කි විදේශ අමත්‍යාංශය චීනයට දැනුම් දී ඇත.

තුර්කිය සහ චීනය අතර යහපත් සබඳතා පවතී. එපමණක් නොව, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි.

උයිගුර් මුස්ලිම් සුළු ජාතිකයන් ජීවත් වන්නේ චීනයේ ෂින්ජියැං පළාතේය. එම පළාතේ මිලියන 10 ක් උයිගුර්වරුන් ජීවත් වන බව පැවැසෙයි. එය ෂින්ජියැං පළාතේ ජනගහනයෙන් සියයට 45 කි.

අන්කාරාහිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS