උම්රා නීති වෙනස් වෙයි



සෞදි අරාබියේ උම්රා ආගමික වතාවත්වල නිරතවීමට පැමිණෙන බැතිමතුන්ට පනවා තිබු නීතිරීති ලිහිල් කර ඇති බව හජ් ආගමික කටයුතු පිළිබඳ උප-ලේකම්,ආචාර්ය අබ්දුල්ලාසිස් වාසන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මුල් දවස් 15 තුල මක්කම සහ මඩීනා නගරවල ආගමික කටයුතු සිදුකිරීම සඳහා යොදා ගත යුතු වන අතර ඉදිරි දවස් 15 තුල සෞදි අරාබියේ ඇති සංචාරක ස්ථාන නැරඹීමට සහ කැමති නගරයක සංචාරය කිරීමේ අවස්ථාව බැතිමතුන්ට හිමි වේ.

අමාත්‍යාංශය පනවා ඇති කොන්දේසි මත දවස් තිහකට (30) ලබාගන්නා විසා බලපත්‍රය දීර්ඝ කර ගැනීමේ හැකියාව පවතින බවද වාර්තා වේ. 

පසුගිය දවස් හතර ඇතුලත පමණක් 25,000කට වැඩි උම්රා බැතිමතුන් පිරිසක් පැමිණි බව උප-ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS