උපාධි පරීක්ෂා කරයි



නිතිවිරෝධි ආකාරයෙන් උපාධි ලබාගෙන රැකියවල නිරතව සිටි කාන්තාවන් විසිදෙනෙක් කුවේට් පොලීසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු රාජ්‍යය නිලධාරීන්ගේ උපාධි පරීක්ෂා කිරීමට වැඩබලන අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය, ෂයික් සභා අල්-කලීඩ් හමාඩ් අල්-සභා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

නීතිවිරෝධි ආකාරයෙන් උපාධි ලබාගත් සහ ලබාගැනීමට උපකාර කළ පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීති මඟින් කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

උසස් අධ්‍යාපන අමාත්‍යවරායාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත්කර මාසයක් ඇතුලතදී ලබාගෙන ඇති උපාධිය නිත්‍යානුකූල උපාධිද නැද්ද යන්න පරීක්ෂා කර වාර්තාවක් සකස් කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS