උපරිම වේගය පැ.කි 140



මෝටර් රථ ධාවනය කිරීමේ උපරිම වේගය ලෙස පැයට කිලෝමීටර් 140 ලෙස අබුඩාබි රථවාහන ආරක්ෂණ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත්කර ඇත.

වේග සීමාවන් පනවා ඇති මාර්ගවලට පමණක් අලුතින් ප්‍රකාශයට පත් කළ වේග සීමාව අදාල වන බවත් අදාල මාර්ගයන් නිවැරදිව හඳුනා ගන්නා ලෙස රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලීමක් කර ඇත.

රියදුරන්ගේ, පදිකයන්ගේ සහ දේපලවල ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් අදාල වේග සීමාවන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළ බව කමිටුව ප්‍රකාශය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස්)


RECOMMEND POSTS