උපරිම පැය 10 යි



කටාරයේ සේවය කරන ගෘහ සේවික සේවිකාවන්ට අදාළ වන දිනකට වැඩ කළ යුතු උපරිම පැය ගණන පැය දහයක් බවට එරට පරිපාලන සංවර්ධන කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

අදාල නිවේදනයට අනුව ගෘහ සේවකයින් ලෙස සැලකෙන්නේ රියදුරන්, කෝකිවරුන්, උද්‍යාන ශිල්පී, උද්‍යාන පාලක, ගෘහ සේවක සේවිකාවන් හා සාත්තු සේවිකාවන් යන පිරිස් වේ.

එමෙන්ම සතියකට එක් දිනක විවේක දිනයක් හිමිවිය යුතු බවටද නීතිය විසින් තහවුරු කරඅැති අතර එය වැටුප් සහිත එකක් විය යුතු බවත් පෙන්වා දී ඇත.

ඔබත් කටාරයේ ගෘහ සේවයේ යෙදෙන අයෙක් නම් තමන් ආරක්ෂා වන නීති සම්බන්ධයෙන් දැනුවත්වීම අනිවාර්ය වන අතර යම් ලෙසකින් නීති උල්ලංඝනය වුවහොත් ඒ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශය වෙත වර්තා කිරීමටද ඉන් හැකියාව ලැබෙනු ඇත.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS