උපන් දින දා මලාලා ඉරාකයේ



බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන මානව ක්‍රියාකාරිණියක මෙන්ම, නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මලාලා යූසොෆ්සායි පසුගිය ජූලි 12 වැනිදා සිය 20 වැනි උපන්දිනය සැමැරුවේ ඉරාකයේ මොසූල් නුවර සංචාරයක යෙදෙමිණි.

ඉරාකයේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන්නේ මොසූල්ය. 2014 වසරේ සිට මොසූල් අයි.එස්.අයි.එස්. හෙවත් තක්ෆීරි දයේෂ් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවැතිණි. ඉරාක හමුදා මීට දින කිහිපයකට පෙර නගරය මුදා ගත්තේය. එය අයි.එස්. ත්‍රස්තවාදීන්ට ප්‍රබල පරාජයක් විය.

මලාලා මොසූල් නුවර ගැටුම් හේතුවෙන් අවතැන් වූ දැරියන් සහ තරුණියන් හමුවී කතාබහ කළාය. ඇය ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමට අමතක නොකළාය.

ඉරාක සංචාරයේ දී මලාලා යූසොෆ්සායි එර්බිල් නගරයේ ද සංචාරයක නියැලුණාය.

එර්බිල් යනු කුර්දි බහුතරයක් වෙසෙන නගරයකි. මලාලා දැරිය එර්බිල් විශ්ව විද්‍යාලයේ සංචාරයක නියැලුණු අවස්ථාවේදී ඇය වෙනුවෙන් විශ්ව විද්‍යාල සිසුන් කුඩා උපන්දින කේක් ගෙඩියක් ද සූදානම් කර තිබුණි. ඒ, මලාලා පුදුමයට පත් කරමිණි.

(ඒ.එෆ්.පී./ඬේලිමේල්)
    

 


RECOMMEND POSTS