උදවු කරන්න සෞදිය මැදිහත් වෙයි



ආර්ථික අර්බුද හේතුවෙන් දේශපාලන අර්බුදයක් හටගෙන ඇති ජෝර්දානයට සහාය දැක්වීමට තමන් සූදානම් බව සෞදිය කියයි.

ජෝර්දානයට සහාය දැක්වීම වෙනුවෙන් කලාපීය රටවල නායකයන් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට සමුළුවක් සංවිධානය කරන බව සෞදියේ සල්මාන් රජු, ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුට පවසා ඇත.

ජෝර්දානයේ අබ්දුල්ලා රජු සෞදියේ මක්කම බලා පැමිණ සිටින අතර, සල්මාන් රජු සහ ඔහු අතරේ විශේෂ හමුවක් පැවැත්විණි. ජෝර්දාන ආර්ථිකය ශක්තිමත් කිරීමට සහාය දක්වන බව සෞදි රජු පැවැසුවේ මෙම අවස්ථාවේදීය.

(අල් ජසීරා)


RECOMMEND POSTS