උතුරුදිග සිරියාවේ දරුණු ගැටුම්



උතුරුදිග සිරියාවේ කුර්දි සටන්කාමීන් සහ තුර්කි හමුදා අතර දරුණු ගැටුම් ඇවිලෙමින් පවතින බව වාර්තාවේ.

කුර්දි සටන්කාමීන් සහ තුර්කි හමුදා අතර ගැටුම් ආරම්භ වී මේ වනවිට දින 4 ක් ගත වී ඇත.

දෙපාර්ශ්වය අතර ගැටුම් ඇරැඹුණේ කුර්දිවරුන්ට සහාය දක්වමින්, ඔවුන්ගේ ආරක්ෂාවට සිටි ඇමෙරිකන් හමුදා ආපසු ගෙන්වා ගැනීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගැනීමෙන් පසුවය.

තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා ඇත්තේ සිරියානු සරණාගතයන් මිලියන ගණනක් වෙනුවෙන් ආරක්ෂිත කලාප පිහිටුවීමට තමන් කුර්දි සටන්කාමීන් මර්දනය කළ යුතු බවය. තමන් කුර්දි සටන්කාමීන්ට එරෙහිව ගුවනින් සහ ගොඩබිමින් පහර දෙන්නේ ඒ නිසා යැයි ද තුර්කි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS