උතුරු සිරියාවේ තුර්කි හමුදා මෙහෙයුම් අවසන්



උතුරුදිග සිරියාවේ අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකළ සියලුම මෙහෙයුම් අවසන් කළ බව නේටෝ රාජ්‍යයක් වන තුර්කිය නිවේදනය කර ඇත.

තුර්කියේ අසල්වැසියා සිරියාවය. උතුරුදිග සිරියාවේ සිදුකළ හමුදා මෙහෙයුම් අවසන් බව තුර්කි අගමැති බිනාලි යිල්ඩරිම් කියා සිටියේ ජාතිය අමතමිනි.

සිදුකළ එම මෙහෙයුම් සාර්ථක වුණු බවත් දයේෂ් ත්‍රස්තයන්ගෙන් පළාත් රැසක් මුදා ගැනීමට තම හමුදා සමත් වූ බවත් අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. ඒ අනුව, සිරියාවේ උතුරු ප්‍රදේශවලට යැවුණු තම හමුදා ආපසු ගෙන්වා ගන්නා බව ද තුර්කි අගමැතිවරයා පවසා ඇත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS