උතුරු ඉරාකයේ මෙහෙයුම් අරඹන්න තුර්කිය සූදානම්



උතුරුදිග ඉරාකයේ පළාත්වල ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන කුර්දි බෙදුම්වාදී ත්‍රස්තයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානම් බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දෙගොන් කියයි.

කුර්දි ත්‍රස්තවාදීන්ට එරෙහිව තමන් මේ අයුරින් ක්‍රියා මාර්ගයක් ගන්නේ ඉරාක මධ්‍යම රජය එම ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා යැයි ද තුර්කි ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

තුර්කි ජනපතිගේ මෙහෙයවීමෙන්, සිරියාවේ කුර්දි බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට එරෙහිව, ඔවුන්ගේ ආධිපත්‍ය පවතින ඇෆ්රින් පළාතේ ද හමුදා මෙහෙයුම් සිදු කරයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS