උඩ යන්න පුහුණු වෙයි



පළමු එමිරේට්ස් ගගනගාමීන් දෙදෙනා ලෙස සුල්තාන් අල්-නයඩි සහ හසා අල්- මන්සූරි ඉතිහාසයට එක්වීමට සමත් විය.

ගගනගාමීන් දෙදෙනා 2019 අප්‍රේල් 05 දිනට යෙදෙන පළමු එමිරේට්ස් අභ්‍යවකාශ තරණය සඳහාරුසියාවේ යුරී ගගාරී රාජ්‍ය විද්‍යාත්මක පරියේෂණ සහ අජටාකාශගාමී පුහුණු මධ්‍යස්ථානයේ මේ දිනවල පුහුණුවීම් කටයුතුවල නිරතවන බව වාර්තා වේ.

ඩුබායි ඔටුන්න හිමි කුමරු සහ මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සභාපති, ෂයික් හම්ඩන් බින් මොහොමඩ් බින් රෂිඩ් අල්- මක්ටූම්ට අයත් ට්විටර් සමාජ ජාල ගිණුමේ ගගනගාමීන් දෙදෙනා පුහුණුවීම්වල නිරතවන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සහ අභ්‍යාවකාශ වැඩසටහන පිළිබඳව අදහස් පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS