ඊශ‍්‍රායලයට චෝදනාවක්



මධ්‍යධරණී මුහුදට ඉහළින් පියාසර කරමින් තිබුණු තම ගුවන් හමුදා යානයකට ඊශ‍්‍රායල ගුවන් හමුදාව පහර දී ඇතැයි රුසියාව චෝදනා කරයි.

රුසියානු හමුදාවට අයත් මෙම යානය පසුගිය 18 දා සිරියාවේ හමෙයින්මීන් ගුවන් කඳවුර බලා පියාසර කරමින් තිබියදී හිටිහැටියේ රේඩාර් තිරයෙන් අතුරුදන් විය.

යානයට ප‍්‍රහාරයක් එල්ල වුණැයි අනුමාන කරමින් සුන්බුන් සොයා සෝදිසි කළත්, තවමත් කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකි වී නැත. යානය අතුරුදන් වෙද්දී එහි රුසියානු ගුවන් හමුදා නිලධාරීන් සහ සොල්දාදුවන් 14 දෙනකු සිටි බව රුසියානු හමුදාව පවසා ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS