ඊශ්‍රාලයේ ගංවතුරින් හතක් මරුට !



ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඊශ්‍රායලයේ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයෙන් මේ වන විට ආපදා තත්ත්වයෙන් සිදු වූ මරණ 7 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්වේ.

කුණාටු සහ අධික වැසි සහිත අයහපත් කාලගුණයෙන් ඊශ්‍රායලයට දැඩි බලපෑම් එල්ල වී ඇත.

විදෙස් වාර්තා පවසන්නේ අධික වර්ෂාව හමුවේ ඇතිවන ක්ෂණික ගංවතුර තත්ත්වයක්ද දැකිය හැකි බවය.මේ හේතුවෙන්  ප්‍රධාන නගර රැසක් දැඩි ගංවතුර තත්ත්වයකට මුහුණ දී ඇති බව සඳහන්.

මේ අතර උතුරුදිග ඊශ්‍රායලයේ හටගත් කුණාටුවක බලපෑමෙන් නහාරියා (Nahariya) නගරය ජලයෙන් යට වී තිබුණි.

ගංවතුර තර්ජනයෙන් තවත් ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී අතර මේ හේතුවෙන් ජනතාවට තම දෛනික කටයුතුවලදී  දැඩි දුෂ්කරතා වලට මුහුණ පාන්නට සිදුවුණි.

ආපදා තත්ත්වයෙන් නිවාස රථවාහන ඇතුළු දේපළ රැසකට අලාභ හානි සිදුව ඇත.

ඒ හේතුවෙන් සිදු වූ මරණ මේ වනවිට 7 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS