ඊශ්‍රායෙල් අගමැතිගේ රන් පිළිරුවක් ඉදි කෙර්.



ඊශ්‍රාලයේ ටෙල් අවිව් අගනුවර පිහිටිරේබින් චතුරශ්‍රයේ වීදියක ඇදහිය නොහැකි රන් පිළිරුවක් ස්ථාපිත කිරීම හේතුවෙන් නගරයේ ඔබමොබ යන යුදෙව්වන් මහත් පුදුමයට පත්වීමේ සිද්ධියක් වාර්තාවේ.

මේ අරුම පුදුම රන් පිලිරුවේ උස අඩි පහළොවකි.දකින දකින සෑම යුදෙව්වෙකුම සිය ජංගම දුරකථනයෙන් එම ප්‍රතිමාව පසුපසින් පෙනෙන ආකාරයට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට අමතක නොකරන්නේය.

මේ රන් පිළිරුව වෙන කාගේවත් නොවේ.ඊශ්‍රාලයේ වත්මන් ඇගමැති බෙන්ජමින් නෙතන්යාහු ගේ පිළිරුවකි.කින්ග් බිබි යන අන්වර්ථ නාමය හැඳින්වන ඊශ්‍රායල් අගමැතිවරයා ගේ මෙම රන් පිළිරුවේ නිර්මාපකයා වන්නේ ඉටැලි ස්ලේට්ය.

යුදෙව් ජනතාව දේවත්වයෙන් මෙම අදහන අගමැතිවරයා ගේ මූර්ති පිළිරුවක් තැනීමට අවස්ථාවක් ලැබීම තමාගේ ජීවිතයේ ලැබූ මහත් භාග්‍යයක් බව කියා සිටී.

කෙසේ වෙතත් ඊශ්‍රායල් අගමැතිවරයා ගේ මෙම රන්පිළිරුව අගනුවර ස්ථාපිත කරන තුරුම ඒ ගැන කිසිම දෙයක් නොදැන සිටි බව එරට රජයේ බලධාරීන් පවසති.මෙම ඉදි කිරීම සඳහා රජයෙන් කිසිදු අවසරයක් ලබා ගෙන නොමැති හෙයින් එය වහා ඉවත් කළ යුතු බව එමරජයේ බලධාරීහු කියා සිටිති.

මීට පෙර ජීවත්ව සිටියදී මෙලෙස පිලිරුවක් බවට පත්වූ ලෝක නායකයින් වූයේ  චීන මහජන සමූහාණ්ඩුවේ අසහාය නායකයක මාඕ සේතුං සහ ටර්ක්මෙනිස්ථානයේ හිටපු නායකයෙකු වන සපාර්මුරට් නියාසොව්ය.

 

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි......


RECOMMEND POSTS