ඊශ්‍රායල් හමුදා පලස්තීනුවන් 450ක් අත් අඩංගුවට අරන්



සිරකරුවන් අධ්‍යයනය පිළිබඳ පලස්තීන මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව පසුගිය සැප්තැම්බර් මාසය තුළදී පමණක් ඊශ්‍රායල් හමුදා විසින්  අත් අඩංගුවට ගන්නා ලද පලස්තීනුවන්ගේ සංඛ්‍යාව 450කි.

එසේ අත් අඩංගුවට ගන්නා ලද අය අතර වයස අවුරුදු 12ට අඩු දරැවෝ 75ක්ද වෙති.

වැඩිම සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන ඇත්තේ ජෙරුසලම සහ හෙබ්‍රෝන් යන ප්‍ර දේශවලිනි. මේ හැරෙන්ට ධීවරයන් සය දෙනෙකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු ගාසා තීරයෙන් අත් අඩංගුවට ගෙන ඇත.


RECOMMEND POSTS