ඊශ්‍රායල් විරෝධී පලස්තීනුවන්ට කිසිම සමාවක් නැතිලු




ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව යළිත් වරක් යුද ප්‍රකාශ කළොත්, එය ඊශ්‍රායලය ගාසා තීරයේ සිදු කරන අවසන්  යුද්ධය වනු ඇති බවත්, ඊශ්‍රායල විරෝධී පලස්තීනුවන් ‘මුලිනුපුටා’ දමනු ඇති බවත් ඊශ්‍රායලයේ හමුදා කටයුතු පිළිබඳ ඇමැති ඇවිග්ඩෝර් ලයිබර්මැන් පවසයි.
ඊශ්‍රායල හමුදා කටයුතු පිළිබඳ ඇමැතිවරයා මෙසේ කියා සිටියේ අල් ක්වද්ස් පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය. ‘කිසිම සමාවක් දෙන්නේ නැහැ. ගාසා තීරයේ ඊශ්‍රායල විරෝධී පලස්තීනුවන් හැමෝම විනාශ කර දමන්න අප පසුබට වෙන්නේ නැහැ’ යැයි ඇමැතිවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.
ඇමැතිවරයාගේ මෙම ප්‍රකාශයට පලස්තීන ක්‍රියාකාරීන්ගෙන් සහ පලස්තීන පාලන අධිකාරියෙන් දැඩි විවේචන එල්ල වී ඇතැයි ද වාර්තා වේ.
මේ අතර ඇමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කර පැය කිහිපයක් ගත වෙද්දී ගාසා තීරයේ පලස්තීන ක්‍රියාකාරීන් පිරිසක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ගුවන් හමුදාව ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ද වාර්තා විය.


RECOMMEND POSTS