ඊශ්‍රායලයේ සංචාරයකට අවසර



බහ්රේන් වැසියන්ට ඊශ්‍රායලයේ සංචාරයක නිරත වීමට අවසර ලැබී ඇතැයි වාර්තා වේ.

ජෙරුසලෙම් පෝස්ට් පුවත්පත ඒ බව වාර්තා කර තිබු අතර බහ්රේන් රජු හමාද් බින් ඊසා අල් කලීෆා අදාළ තහනම ඉවත් කර ඇත.

ඊශ්‍රායලයට අයත් ජෙරුසලෙම් පෝස්ට් පුවත්පත් වාර්තාවෙන් පසු ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශය ද අදාළ පුවත තහවුරු කළේය.

බහරේන වැසියන්ට ඊශ්‍රායලයේ සංචාරය කිරීම නවතාලමින් පනවා තිබු තහනම එරට රජු හමාද් බින් ඊසා අල් කලීෆා විසින් ඉවත් කරනු ලැබ ඇතැයි ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබිණි.

බහරේන් රජු මෙම ප්‍රකාශය කරන ලද්දේ ඊශ්‍රායාල අගමැති බෙන්ජමින් නෙදන්යාහු අරාබි රටවල් සමඟ මිත්‍රත්වය ගොඩනගා ගත යුතු බව ප්‍රකාශ කර සතියක් ගතවෙන්නටත් පෙරය.

මිඞ්ල් ඊස්ට් මොනිටර් ඇසුරිනි


RECOMMEND POSTS