ඊශ්‍රායලයේ වැඩිම කාලයක් අගමැති



ඊශ්‍රායල ඉතිහාසයේ දීර්ඝ කාලයක් අගමැති ධුරය හෙබවූ අගමැතිවරයා බවට පත් වීමට වත්මන් අගමැති බෙන්ජමින් නෙදන්යාහු සමත් වී ඇත.

ඊශ්‍රායලයේ පළමු අගමැති ඬේවිඞ් බෙන් ගුයිරෝන් අගමැති ලෙස දිව 4,876 ක් කටයුතු කළ අතර, බන්ජමින් නෙදන්යාහු අගමැති ධුරයේ කටයුතු කරන කාලය දින 4,877 කි.

මෙම වසර මුලදී ඊශ්‍රායල මහ මැතිවරණයෙන් නෙදන්යාහු පස්වැනි වරටත් අගමැති ධුරයට පත් විය.

කෙසේ නමුත් ඔහුට බහුතර බලයක් හිමි නොවුණු අතර, සන්ධානගත වී රජයක් පිහිටුවීමට ගත් උත්සාහය ද අසාර්ථක විය. ඒ අනුව, ඉදිරියේදී යළි මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. එපමණක් නොව, නෙදන්යාහුට දූෂණ වංචා චෝදනා ද එල්ල වී තිබේ. දේශපාලනයට පිවිසීමට පෙර නෙදන්යාහු කොමාන්ඩෝ හමුදා භටයකු ලෙස සෙවය කළ අයෙකි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS