ඊශ්‍රායලයේ යළි මහ මැතිවරණයක්



අගමැති නෙදන්යාහු සහ බිරිඳ ඡන්දය ප්‍රකාශ කරමින් ...

ඊශ්‍රායල මහ මැතිවරණය අද (17) පැවැත්වෙයි. මාස පහක් ඇතුළත ඊශ්‍රායලයේ මහ මැතිවරණයක් පැවැත්වෙන දෙවැනි අවස්ථාව මෙයයි.

මීට මාස පහකට පෙර, මහ මැතිවරණය පැවැත්වූයේ පසුගිය අප්‍රේල් මාසයේය. එයින් අගමැති බෙන්ජමින් නෙදනායාහු සහ ඔහුගේ දක්ෂිණාංශික ලිකුද් පක්ෂය ජයග්‍රහණය කළේය. කෙසේ නමුත් තනිව රජයක් පිහිටුවීමට බහුතර බලයක් අගමැතිවරයාට හිමි නොවිණි.

සන්ධානගතව රජයක් පිහිටුවීමට අගමැතිවරයා උත්සාහ කළ නමුත් මාස කීපයක් ඇතුළත එම රජය බිඳ වැටුණි. ඒ අනුව, යළි මහ මැතිවරණයක් පැවැත්වීමට අගමැති නෙදන්යාහු තීරණය කළේය.

ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් ‘නෙසට්’ මන්ත්‍රණ සභාව ආසන 120 කින් සමන්විතය.

ඊශ්‍රායලයේ හිටපු අධිකරණ ඇමැතිනිය අයිලිත් ෂැක්ඞ් දියණිය සමඟ ඡන්දය ප්‍රකාශ කරමින් ...

අගමැති නෙදන්යාහු සහ ඔහුගේ ලිකුද් පක්ෂයට ප්‍රධාන වශයෙන් අභියෝගයක් එල්ල වනු ඇත්තේ, මධ්‍යස්ථමතධාරී ‘බ්ලූ ඇන්ඞ් වයිට්’ පක්ෂයෙනි.

මෙම පක්ෂයට නායකත්වය දෙන්නේ හිටපු ඊශ්‍රායල හමුදාපතිවරයකු ද වන බෙනී ග්‍රෑන්ට්ස්ය.

හිටපු හමුදාපති බෙනී ග්‍රෑන්ට්ස්, බිරිඳ සමඟ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාව ...

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS