ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසිලම විදියට පිළිගන්නවා



ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසිලම යැයි නිල වශයෙන් පිළිගනිමින්, ඇමෙරිකා තානාපති කාර්යාලය, ජෙරුසිලමට මාරු කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගැනීමත් සමඟ මැදපෙරදිග කලාපයේ නව අර්බුදයක් නිර්මාණය විය.

ට්‍රම්ප් ගත් මෙම තීරණය මැද පෙරදිග කලාපයේ සාමයට බාධාවක් බවත්, එයින් සිදුවන්නේ මැදපෙරදිග සාමය ස්ථාපිත වීමක් නොව නව අර්බුදයක් නිර්මාණය වීමක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කෙසේ නමුත් මේ වනවිට තෙල් අවීව් නුවර පිහිටුවා ඇති ඇමෙරිකන් තානාපති කාර්යාලය ජෙරුසිලමට මාරු කිරීම සිදුවනු ඇත්තේ තවම මාස 6 කින් පමණය. එම කටයුතු අවසන් කිරීමට වසර කීපයක් ගතවනු ඇතැයි පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS