ඊශ්‍රායලයෙන් සිරියාවට ප්‍රහාරයක්



සිරියාවේ ඩමැස්කස් අගනුවරට නුදුරින් ඉලක්කයකට ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්, එයින් සිරියානුවෝ තිදෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් අල් ජසීරා පුවත් සේවය පවසයි.

මියගිය තිදෙනා සිරියානු හමුදා නිලධාරීන් යැයි ද අල් ජසීරා වාර්තා කර තිබේ. මිසයිල ප්‍රහාරය එල්ල වූයේ ඊශ්‍රායලය විසින් අත්පත් කර ගනු ලැබ ඇති ගෝලාන් කඳුකරයේ සිටය.

ඊශ්‍රායල හමුදා පවසන පරිදි ඔවුන් මිසයිල ප්‍රහාර එල්ල කර ඇත්තේ සිරියාවේ සිටින ඉරාන හමුදා නිලධාරීන් කණ්ඩායමක් වෙතටය.

සිරියානු හමුදාවටත් රජයටත් ඉරානයේත් ඉරාන හමුදාවේත් සහාය නොඅඩුව හිමිවන බව ලොවට රහසක් නොවෙයි. ඊශ්‍රායලය සලකන්නේ ඉරානය ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙසය.

(අල් ජසීරා)


RECOMMEND POSTS