ඊශ්‍රායලයෙත් කොරෝනා



කෲස් නෞකාවේ මුහුදු ගමනකට එක් වී ආපසු ඊශ්‍රායලයට පැමිණි ඊශ්‍රායල කාන්තාවකට ‘කෝවිඞ් 19’ ආසාදනය වී ඇතැයි ඊශ්‍රායලය පවසයි.

ඒ අනුව, ඊශ්‍රායලයෙන් වයිරස ආසාදිතයකු හමුවුණු පළමු අවස්ථාව මෙය වෙයි. මෙම කාන්තාව රෝගී වී ඇත්තේ ඊශ්‍රායලයට පැමිණීමෙන් පසුවය.

මැය ජපානයේ නිරෝධානය කළ ඩයමන්ඞ් ප්‍රින්සෙස් නෞකාවේ සිට ආ කාන්තාවක බව ද පැවැසෙයි. එම නැවෙන් ආපසු ආ ඊශ්‍රායල ජාතිකයන් පරීක්ෂාවට ලක් කෙරුණු අතර, කාන්තාවගේ සිරුරේ වයිරසය ඇති බව තහවුරු වූයේ ඉන්පසුවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS