ඊශ්‍රායලයත් දකුණු අප්‍රිකාවත් හවුලේ 1979 දී න්‍යෂ්ටික අත්හදාබැලීම් කරලා



1979 වසරේදී ඊශ්‍රායලය, එවකට වර්ණ භේදවාදය ඔඩුදුවා ගොස් තිබුණු දකුණු අප්‍රිකාව සමඟ හවුල් වී, දකුණු අත්ලාන්තික් සාගරයේ න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලූ බවට රහස් වාර්තාවක් මේ වනවිට ප්‍රසිද්ධියට පත්වී ඇත.
මේ බව ඇමෙරිකාවේ ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවලට දකින්න ලැබී ඇතැයි පැවැසෙන්නේ 1979 සැප්තැම්බර් 22 වැනිදාය. ඒ වනවිට ඇමෙරිකාවේ ජනපති ධුරය හෙබවූයේ ජිමී කාටර්ය. මෙම අත්හදා බැලීමත් සමඟ ඇමෙරිකාව මහත් සේ කලබලයට පත්වුණු බව ද සඳහන් වෙයි.
ඊට මාස 8 කට පසු ඇමෙරිකාව එම න්‍යෂ්ටික අත්හදා බැලීම් පිළිබඳ සෙවීමට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් ද පත් කළේය.
ඇමෙරිකාව පමණක් දැන සිටි මෙම න්‍යෂ්ටික අත්හදා බැලීම ලොවට අනාවරණය වූයේ ඇමෙරිකාවේ ජෝජ් ටවුන් විශ්ව විද්‍යාලයේ ජාතික ආරක්ෂක අංශයේ රහසිගත වාර්තා ප්‍රසිද්ධියට පත් වීමත් සමඟය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS